රුසියානු ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයි ද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කනගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
පාර්ලිමේන්තුවේ දී හිටපු ජනාධිපතිවරයා අද (4) මේ බව පැවසීය.
රුසියා ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමතා යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන, එලෙස ලැබුණු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යැවූ බව ද කීය.
රුසියාවෙි පිළිතුරු ලිපියේ සඳහන් දේ කළා නම් නැවත ගුවන් ගමන් මෙන්ම වෙළෙඳ කටයුතු ඇරැඹීමට හැකියාව ලැබෙන බව ද හිටපු ජනාධිපතිවරයා කීය.
ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබූ ප්‍රශ්නයේ දී ලංකාව කටයුතු කළ ආකාරය වැරදි බවත් අධිකරණයට නොයා රාජතාන්ත්‍රිකව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ බව රුසියාවෙන් එවූ ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන කීය.
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට පැහැදිලි සහතිකයක් දෙන්නැයි ද එම ලිපියේ සඳහන් වී තිබු බවත් පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම් එකඟතාවෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බව ද එම ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කීය.
ඊට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසූයේ තෙල් ගෙනෙන්නට පමණක් නොව හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා ද තමා රුසියාවේ සංචාරය කරන බවයි. රුසියානු රජයට ලබාදිය යුතු අදාළ ලිපි මේ වන විට රුසියන් භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීය.