තුෂාර ඉඳුනිල් 20ට සහාය ඉල්ලා නසීර් අහමඩ්ට රු. 20ක් දෙයි! – පාර්ලිමේන්තුව උණුසුම්….

October 23, 2020 at 3:56 pm | by emanisa.lk

20 වෙනි සංශෝධනයට එරෙහි වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් එම සන්ධානයේ ම නසීර් අහමඩ් මන්ත්‍රීවරයා වෙත රු. 20ක් ලබා දෙයි.

ඊයේ (22) 20 වෙනි සංශෝධනයට ඡන්දය විමසීම සිදු වූ අතර ඊට පක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් සිය ඡන්ය භාවිත කළහ.

මෙම සභාවාරය පැවැත්වෙන අතරතුර තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම කළ අතර එහි දී ලැජ්ජ නැද්ද ලැජ්ජ නැද්ද කියමින් අවට සිටි මන්ත්‍රී පිරිස ඉඳුනිල් මන්ත්‍රීවරයාට බාධා කළහ.

මේ අවස්ථාවේ තුෂාර ඉඳුනිල් සහ නසීර් අහමඩ් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. පිස්සා වගේ හැසිරෙන්න එපා! ඔබතුමාට ලැජ්ජ නැද්ද? යනුවෙන් නසීර් අහමඩ් දැඩිව ප්‍රශ්න කළේය.

වීඩියෝව මෙතනින්…

https://www.facebook.com/watch/?v=351104582660913

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *