මෙවර අලුත් අවුරුදු ගනුදෙනු නැකතට මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු 14ට රුපියල් කෝටි ලද තැන්පතු ප්‍රමාණය රු. කෝටි 27 ඉක්මවා තිබේ.
මෙම තැන්පතු ප්‍රමාණය ග්‍රාමීය බැංකු සඳහා පමණක් ලද මුදල වන අතර සෙසු රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට ලද තැන්පතු පිළිබඳ වාර්තා මීට අයත් නොවේ.
රජය මගින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීම මෙන් ම විදෙස් රටවලින් ගෙන එන ආහාරපාන සීමා කිරීම ද මෙලෙස ජනතාවගේ අතමිට සරු වීමට හේතු වී තිබේ.
කෙසේ වුව ද විපක්ෂය සඳහන් කළේ ජනතාවට අවුරුදු කෑමට තබා මේ වන විට තුන්වේල කෑමට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ය.