අවංකව කටයුතු කළ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ලබා දුන් මේ නඩු තීන්දුව සමස්ත රාජ්‍ය සේවයටම වැදගත් තීන්දුවක් යැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පවසයි.
එසේ ම අභියාචනාධිකරණය පුද්ගලයන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමකට වඩා යහපාලන ආණ්ඩුවේ පළිගැනීම් අවසන් වීමේ නඩු තීන්දුවක් වශයෙන් පෙන්වා දිය හැකි බව ද ඔහු සඳහන් කළේ ඊයේ (19) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
රාජ්‍ය සේවයේදී යම් අවස්ථා වල නීතියෙන් ඔබ්බට කටයුතු කිරීමට සිදු වන බවත්, නමුත් අද සිට ජනතාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සමස්ත රාජ්‍ය සේවකයා නොවිය යුතු බවත් ලලිත් වීරතුංග සඳහන් කළේය.