ලබන දෙසැම්බර් ජනවාරි පමණ වන විට රට තුළ දරුණු ආහාර අර්බුදයක් ඇති වන බවත් ඒ නිසා මිනිසුන් සොරුන් බවට පත්වී රට තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වන බවත් ආධ්‍යාත්මවේදී කමල් රෝහණ සඳහන් කරයි.
රට සෝමාලියාවට, ඉතියෝපියාවට එහා තත්ත්වයකට ඇද වැටෙන බවත් එහි දී රට තුළ පාලකයන් ගණිකා වෘත්තීය නීතිගත කරනු ඇති බවත් ආධ්‍යාත්මවේදී කමල් රෝහණ වැඩි දුරටත් සඳහන් කරයි.
ඉරිදා ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.