තව අවුරුදු දෙකෙන් මේ රට ග්‍රීසියක් වෙනවා! – හිරුණිකා

June 29, 2020 at 4:10 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනරැලි දහසක් පවත්වන බවට කළ ප්‍රකාශය ප්‍රධාන රූපවාහිනී නාළිකා දෙකක් මගින් විකෘති කළ බව එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එක් නාළිකා හිමිකරුවෙකු නම් සිය සහෝදරයා ගලවා ගැනීම සඳහා ආණ්ඩුවට කඹුරන බව සඳහන් කළ හිරුණිකා උගත් බුද්ධිමත් යැයි කියන අනෙකා කවර හේතුවක් නිසා විරුවා වෙනුවෙන් කඹුරන්නේ දැයි නොදන්නා බව ද සඳහන් කළාය.

ඇතැම් විට සිය ව්‍යාපාර සඳහා වාසි ලබා ගැනීමට රට වළපල්ලට රැගෙන යන විරුවා වෙනුවෙන් වැඩ කරනවා විය හැකි යැයි ඇය අනුමාන කළාය.

මේ වන විට රට බෙහෙවින් පිරිහී ඇති බවත් තවත් අවුරුදු දෙකකින් රට ග්‍රීසියක් වනු ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස