තවත් රාජ්‍ය ඇමැතිවරු 04ක්…! සුරේන් රාඝවන් යළි දිවුරයි…!

April 20, 2022 at 5:34 pm | by emanisa.lk

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ (20) දිවුරුම් දුන්හ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ලෙස සදාසිවම් වියාලේන්ද්‍රන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුෂාරෆ් එසේ දිවුරුම් දුන්හ.

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *