අරුන්දික ඇමැතිතුමා වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්නවා..! – කොටුවේ පොඩි හාමුදුරුවෝ…

February 5, 2022 at 6:33 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙනුවෙන් තමා කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් රාගම නවක වධ ගැටුම පදනම් කරගෙන ඔහුගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ පවසති.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කරලීමට බෙහෙවින් කැප වී වැඩ කළ අරුන්දික ප්‍රනාන්දු මේ ආණ්ඩුවේ වැඩ කළ ඇමැතිවරුන් අතරින් අයකු බව ද එහිමියෝ පෙන්වා දුන්හ.

උඩුවේ ධම්මාලෝක හිමි අරුන්දික ප්‍රනාන්දුට එරෙහිව චෝදනා කිරීම තරයේ හෙළා දකින බව ද අදාළ සිද්ධිය නීතියෙන් විසඳා ගැනීමට අවස්ථා ලබා දිය යුතු බව ද පොඩි හාමුදුරුවෝ අවධාරණය කළහ.

අරුන්දික ප්‍රනාන්දු සිය පුතා බේරා ගැනීමට උත්සාහ නොකළ බව ද පර්යේෂණ නිමා වන තුරු ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

මේ රටේ ළමුන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පිට රට විශ්වවිද්‍යාල වෙත ඇදී යාමට මූලික හේතුවක් බවට පත්ව ඇති නවක වධ නාඩගම විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද එහිමියෝ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *