ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුවේ හොඳ වගේ ම නරකත් භාරගත යුතුයි…! – දිලුම්…

November 4, 2021 at 2:13 pm | by emanisa.lk

ආණ්ඩුවේ සිටින සියලු දෙනා ආණ්ඩුවේ හොඳ මෙන් ම නරක ද පිළිබඳ වගකීම භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එහෙත් ශ්‍රීලනිපය ඇතුළු කණ්ඩායම ආණ්ඩුවේ හොඳ ටික භාර ගත්ත ද ජනප්‍රිය නොවන තීන්දුවල දී ආණ්ඩුව සමග නොසිටින බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

පොහොර ප්‍රශ්නයේ දී මෙන් ම යුගදනවි විදුලි බලාගාර ප්‍රශ්නයේ දී ද එම පක්ෂ හැසිරෙන්නේ ආණ්ඩුවක් ලෙස නොවන බව දිලුම් අමුණුගම ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා ම සතුටින් ගොවි අරගල වෙත ගොස් මැති ඇමැතිවරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවත් එම කණ්ඩායමේ ආණ්ඩුවේ සාමුහික වගකීම කඩමින් ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *