තරුණ පිරිසක් අධිවේගයේ මාරක ගමනක්….! සමාජ මාධ්‍යවල කුණු බැනුම්…!

April 11, 2021 at 1:23 pm | by emanisa.lk

අධිවේගී මාර්ගයෙහි අනාරක්ෂිත ලෙස ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ආසනවල වාඩි වී ආසන පටි පැළඳ යාම අනිවාර්ය නීතියකි.

එහෙත් අධික වේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථයේ සිටින තරුණයින් පිරිස රිය කවුළු මත නැඟී ඉතා ම අවධානම් ආකාරයට ගමන් කරනු දැකගත හැකි ය.

අදාළ සිදුවීම අද (11) උදෑසන වූවක් බව ද වාර්තා වෙයි. මෙම රථය පැයට කි.මී. 150ක පමණ වේගයෙන් කඩවත සිට මාතර දෙසට ධාවනය කර තිබේ.

මෙම තරුණයින්ගේ අනුවණ ක්‍රීයාව සමාජමාධ්‍යවල දැඩි ලෙස විවේචනයට ලක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *