තම විදුලි පංකාව පොලිස් කූඩුවට දන් දුන් බෝසත් පොලිස් නිලධාරියා…..!

March 26, 2021 at 9:06 am | by emanisa.lk

සැකකරුවන් රඳවා සිටින පොලිස් කූඩුවෙහි උණුසුම අධික නිසා තමන්ගේ විදුලි පංකාව පොලිස් කූඩුව දෙසට හැර වූ පොලිස් නිලධාරියෙකු පිළිබඳ වාර්තා වෙයි.

සිය රාජකාරී මේසය අසල ඇති විදුලි පංකාව මෙලෙස ඔහු සැකකරුවන්ගේ කූඩුව වෙත යොමු කර තිබෙනු දැකිය හැකි ය.

මෙම පින්තූරය සමාජමාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වන්නේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අවකල් අමානුෂික ක්‍රියා නිසා සමස්ත පොලිස් සේවය ගර්හාවට ලක් නොකළ යුතු බව සඳහන් කරමිනි.

එම පින්තූරය සමඟ පළ වූ සංවේදී සටහනක් මෙසේ ය.

“පේනවද දෙවිවරු වගේ පොලිස් මහත්වරු. සිර මැදිරියේ සිටින සැකකරුගෙ පැත්තට ෆෑන් එක හරවලා තියලා, ඒකේ ඇතුලේ රස්නේ නිසා. මහත්තයෝ ඔබතුමාට අපගේ ගෞරවය පුද කරන්නෙමු. බුදු සරනයි ඔබතුමාට..!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *