තමිල් සෙල්වම් අනුරලාට සහෝදරයෙක් වගේ..! මරණය වෙලාවේ බොහොම දුක් වුණා..! – විමල්

March 8, 2024 at 3:21 pm | by emanisa.lk

කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම්ගේ මරණය පිළිබඳ අනුර දිසානායක ඇතළු පිරිස සිය සහෝදරයෙකු මළ ආකාරයට දුක් වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

එම පුවත තමන්ට ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවක නිරත වෙමින් සිටිය දී බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

ගුවන් ප්‍රහාරයකින් තමිල් චෙල්වම් මළ බව ආරංචි වූ විට සෝමවංශ අමරසිංහ, කේ.ඩී. ලාල්කාන්ත හැර සෙසු සියලු දෙනා මහත් කනගාටුවට පත් වූ බව ද හෙතෙම කීය.

කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනට මහින්ද රාජපක්ෂට උදව් කළහොත් නැගෙනහිර ජවිපෙ සාමාජිකයින්ට බංකර් තුළ සැඟවෙන්නට සිදුවනු ඇතැයි ද අනුර දිසානායක ප්‍රකාශ කළ බව විමල් වීරවංශ සඳහන් කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *