තමන්ගේ තරම දැන ගෙන දඟලන්න..! බලය ඇත්තේ කැබිනට් ඇමැතිවරුන්ටයි…! ජනපතිගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ට රතු එළි…!

February 19, 2022 at 3:21 pm | by emanisa.lk

කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ද, ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් අතර ද මෙම මත ගැටුම් ඇතිව තිබෙන බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

මේ පිළිබඳ ඇමතිවරුන් ගණනාවක් ම ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැමිණිලි කර ඇත.

වනජීවී ඇමති සී.බී. රත්නායක එහි දී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, තම නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් තමාට දී ඇත්තේ හෙණ්ඩුව පමණක් වන අතර අලියකු නොමැති බවත් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි දී පවසා ඇත්තේ අමාත්‍යාංශවල කටයුතු පහසු කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථ ගැසට් කර ඇතත්, අමාත්‍යංශව වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයපථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවත් ය.

තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම දැනුම්වත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස