ණය ගෙවන්න ගත්තා ම ඩොලරය රු. 370ට යනවා…!

August 2, 2023 at 8:02 pm | by emanisa.lk

ඩොලරය ඉහළ නගිමින් තිබෙන්නේ තවදුරටත් ණය නොගෙවන පසුබිමක වන හෙයින් ණය ගෙවීම ආරම්භ කළ පසු තවදුරටත් ඩොලරය ඉහළ යාම අපේක්ෂා කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඒ, අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

“රු 285ට පහත වැටුණු ඩොලරය නැවත 325 දක්වා වැඩි වෙලා තිබෙනවා. තව දුරටත්‌ වැඩිවෙමින්‌ තිබෙනවා. ඩොලරය යළි ඉහළ යන්න ගන්නේ ආනයන සීමා ඉවත්‌ කිරීමෙන්‌ පසුවයි. ඩොලරය මෙතරම්‌ ඉහළ නැගලා තිබෙන්නේ ණය නොගෙවෙන පසුබිමකයි. 2022 වසරේ අපට ඩොලර්‌ බිලියන 7ක්‌ ණය ගෙවන්න තිබුණා. වසරකට ඩොලර්‌ බිලියන ගණනින්‌ ණය ගෙවන්න පටන්‌ ගන්තාම නැවත ඩොලරය රුපියල්‌ 370 දක්වාම ඉහළ යෑමේ අවදානමක්‌ තිබෙනවා.

මූල්‍ය අරමුදල සමග අත්සන්‌ කළ ගිවිසුම අනුව ආනයන සීමා ඉවත්‌ කරන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙන බවට කියන කතාවන්‌ බොරු. ගිවිසුමේ සඳහන්‌ චෙන්නේ ගිවිසුම බල පවතින වසර භතරක කාලය තුළ ක්‍රමානුකූලව ආනයන සීමා ඉවන්‌ කරන්න කියලා මිස සියල්ල මාස හතරකින්‌ ඉවත්‌ කරන්න කියලා නොවේ.

මේ ආර්ථීක අර්බූදයට මුහුණ දුන්නු ලොවම පළමු රට අපි නොවේ. මේ සෑම රටක්ම ආර්ථික අර්බුදයෙන් මිදුණේ දේශීය ආර්ථිකය සවිමත් කරලා දේශීය දේ මිල දී ගන්න ජනතාව පොළොඹවලා මිස ණයට මුදල්‌ අරන්‌ පරණ පුරුදු විදිහට ආනයනය කරලා නොවේ. ඒ නිසා අපි හැමදාමත් කිව්වා වගේ නැචත කියනවා. ජනපති රට බේරා ගත්‌ වීරයාට අන්දලා සමහරු අර්බුදයෙන් මිදුනා කියලා ජයපැන්‌ පානය කලාට අපි තවමත් අඳුරෙන්‌ අඳුරට යමින්‌ ඉන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *