ඊයේ දිනයේ ඩුබාහි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා බන්ධනාගාර නියාමක ලලිත් කුරේ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සවස අමල් පෙරේරා නිදහස් කර තිබේ.
පාතාළ නායක මදූෂ්ගේ සාදයකට සහභාගී වීමට ගොස් සිටිය දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 31 දෙනා අතරින් දෙදෙනකු මාස දෙකකට පමණ පසු මෙලෙස නිදහස් වූ අතර සෙසු පිරිස තවමත් ඩුබායි අත්අඩංගුවේ පසුවෙයි.
ලලිත් කුරේ නමැති බන්ධනාගාර නියාමකවරයා මදූෂ් සමග සබඳතා පවත්වා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇති අතර ඔහු වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇත.