ඩලස් ද්විත් පුරවැසියෙක්…! ජනපති සටන අලවෙයි…!

July 16, 2022 at 1:01 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දය සඳහා ඉදිරිපත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයට තමා ඉදිරිපත් වන බව හිටපු ඇමැතිවරයා ඊයේ (15) ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද ඩලස් අලහප්පෙරුමගේ විකීපීඩියා පිටුවේ ද ඔහු ශ්‍රී ලංකා සහ ඇමරිකානු පුරවැසියෙකු බව සඳහන් වන අතර මෙතෙක් එය සංස්කරණය කිරීමට ද කටයුතු කර නැත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රි ධූර දැරීමේ හැකියාව අහෝසි කළ ද 20 වන සංශෝධනයෙන් එම සීමා ඉවත් කෙරිණි.

කෙසේ වුව ද නැවත ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමේ අවස්ථාව ලබා දීමට එරෙහි වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසට මෙම තත්ත්වය නිසා ඩලස් අලහප්පෙරුම පිළිබඳ අපේක්ෂා අතහැර දැමීමට සිදුවන තත්ත්වයක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *