ඩලස්ට මන්ත්‍රී කණ්ඩායම් 113කට වඩා සපෝර්ට් කළා…! නමුත් අන්තිමට ඡන්දේ දුන්නේ 82යි…! – අනුර…

July 20, 2022 at 1:32 pm | by emanisa.lk

අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල තමන් පෙර සිට දැන සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

මහ පොළොවේ යථාර්ථය අද පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ඉතිහාසය අනුව මෙම ඡන්දය ද හෘද සාක්ෂිය අනුව නොව හුවමාරු වන මුදල් මත තීරණය වූ බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

ඩලස් අලහප්පෙරුමට ඊයේ සහාය ප්‍රකාශ කළ කණ්ඩායම් ප්‍රමාණය පවා 113 ඉක්මවා ගිය බව ද ජවිපෙ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *