ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්…! උප්පැන්න හැඳුනුම්පත් හතරක්…!

September 20, 2022 at 6:55 pm | by emanisa.lk

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට මෙරට පුරවැසිභාවය නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

පුරවැසිභාවයක් නොමැති ඩයනා ගමගේ මෙරට රැඳී සිටිමින් දේශපාලනය කිරීම නීතී විරෝධී බව ද එහිමියෝ ප්‍රකාශ කරති.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් මේ වන විට ලංකාවේ රැඳී සිටින්නේ වීසා නොමැතිව බවත් ආනන්ද සාගර හිමි හෙළි කරයි.

ශෂී වීරවංශට මෙන් ඩයනා ගමගේට ද උප්පැන්න සහතික දෙකක් ජාතික හැඳුනුම්පත් දෙකක් ඇතැයි පවසන එහිමියෝ මෙවැනි වංචනික කාන්තාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ඇමැති ධූරයක් ලබා දුන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

මෙම වංචාවට එරෙහිව අධිකරණයට යන බව ද පාහියන්ගල ආනන්ද සාගර හිමි පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *