ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් පැවැත් වූ පමණින් අමාත්‍යවරුන් දණ ගැස්වීමට නොහැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මාෆියාකරුවන් දණ ගස්වන ආකාරය ආණ්ඩුව හොඳින් දන්නා බව ද ඉදිරියේ දී සහල් මාෆියාකරුවන් දණ ගසන ආකාරය රටට ම දැකගත හැකි වනු ඇතැයිද ඔහු පැවැසීය.
ආණ්ඩුව පසුගිය කාලයේ දී සහල් මාෆියාකරුවන් ගැන කතා කළ ද මාෆියාකරුවන්ම මාධ්‍ය ඉදිරියට පැමිණ මාෆියාකරුවන් කවුරුන්දැයි රටට තහවුරු කිරීම හොඳ දෙයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.