ටීම් එකෙන් අයින් කළේ ෆේල් නිසා..! දැන් වෙන වැඩක් බලා ගන්න..! – සනත්ගෙන් නාමල්ට ප්‍රහාරයක්..

June 20, 2022 at 10:38 am | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය විසින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉලක්ක කරමින් සරදම්කාරී ට්වීට් පණිවිඩයක් නිකුත් කර ඇත.

පෙරේදා (18) දින බලශක්ති අමාත්‍යංශයේ පැවැති හමුවක් සඳහා විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී සිටි අවස්ථාවට අදාළ ඡායාරූපයක් පළ කරමිනුයි සනත් ජයසූරිය එම සටහන පළකර ඇත්තේ.

“දිගින් දිගට ම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට, යළි යළිත් කණ්ඩායම් රැස්වීම් සඳහා සහභාගී වෙමින් අලුත් නායකයා අපහසුතාවට පත් කරනවා වෙනුවට, එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතුයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හැසිරීම ඉලක්ක කරමින් සනත් ජයසූරිය සිය ට්වීට් පණිවිඩය සටහන් කර ඇත.

සනත් ජයසූරිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස