ඥානසාර හිමි දෙසන්නේ බොරු…! කාදිනල්තුමාට ප්‍රහාරයක් ගැන කිසිවක් කීවේ නෑ….!

September 17, 2021 at 11:12 am | by emanisa.lk

2017 වසරේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කාදිනල්තුමා හමු වී අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්වත් කළ බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

කෙසේ වුව ද එහි දී කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.

රට පුරා ආගමික අන්තවාදයක් ව්‍යාප්ත වන බවත් එය නතරලීමට කටයුතු කළ යුතු බවත් ඥානසාර හිමි එහි දී කාදිනල්තුමට දැනුම් දී ඇත.

එහෙයින් ඥානසාර හිමිගේ අදාළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරයි.

කාදිනල්තුමා හමු වී කතෝලික ජනතාවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් වහන්සේ 2017 වසරේ දී දැනුම් දුන් බව පසුගියදා හිරු සලකුණ රූපවාහිනි වැඩසටහනට එකතු වෙමින් ඥානසාර හිමි පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස