ඥානසාර හිමිගේ සිරදඬුවම අත්හිටුවයි!

February 9, 2019 at 6:35 am | by admin

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර පහකට අත්හිටුවන ලෙස ඊයේ (8) හෝමාගම මහාධිකරණය විසින් නියම කළේය.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් විසින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාධිකරණය සලකා බැලූ හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මේ නියෝගය ලබා දුන්නේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම සාවද්‍ය ලෙස බිය ගැන්වීම යන කාරණා යටතේ නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු බවට පත් වූ ගල‍ගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක බරපතළ වැඩ සිහිත සිරදඬුවම් නියම වූ අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියම කෙරිණි.

කෙසේ වුවද මේ වන විටත් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව අභියාචනාධිකරණ තීන්දුවකට අනුව වසර හයක සිරදඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *