ඥනෙසාර හිමිගේ සාක්ෂිය වීඩියෝ කළ මවුලවි උලමා සභාවෙන් ඉල්ලා අස්වෙයි!

September 11, 2020 at 10:35 am | by emanisa.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු කළ ඉල්ලීම පිළිගත් බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිවේදනය කළේය.

නිතීඥවරයෙකු මාර්ගයෙන් ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඥානසාර හිමිගේ සාක්ෂි රහසිගතව පටිගතකිරීමේ දී අදාළ මව්ලවිවරයා පොලිස් බාරයට ගෙන තිබුණි.

එම්.එම්.එම්.මුර්ෂිද් නමැති එම මව්ලවිවරයා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

උලමා සභාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් ආකාරයට මෙම ඉල්ලා අස්වීම උලමා සභාව සිදුකරන විමර්ශන කටයුතු අවසන් වන තුරු කරන ලද තාවකාලික එකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස