ජුනි 29 පාසල් නිවාඩු අවසන්! අදියර 4කින් ළමයි කැඳවයි! ජුලි 06 වෙනිදා පළමු සිසු පිරිස පාසලට!

June 9, 2020 at 5:30 pm | by emanisa.lk

පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කට සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහි පළමු පියවර අනුව, ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල සඳහාය.

ඉන් පසු දෙවන පියවර අනුව, ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටය.

ඒ අනුව පළමුවෙන් පාසලට පැමිණෙන්නේ 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇත.

එමෙන්ම තෙවන පියවර අනුව ජුලි මස 20වනදා සිට 24වනදා දක්වා පාසලට පැමිණේන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණි.

සිව්වන අදියර ආරම්භ වන්නේ ජුලි 27වදා සිට වන අතර එදින සිට 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුන් ද පාසලට පැමිණිමට නියමිතය.

කෙසේ වෙතත් පළමු සහ දෙවන ශ්‍රේණි සිසුන්ට පාසලට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැති බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස