ජින්තුපිටියේ සිද්ධිය හුදෙකලා එකක්! කොරෝනා සමාජගත වීමේ අවදානමක් නෑ!

July 3, 2020 at 3:20 pm | by emanisa.lk

ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී ඊයේ (02) කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ දී හඳුනා ගත් පුද්ගලයාගෙන් කොරෝනා රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරයි.

එම පුද්ගලයා මේ වන විට රෝහල් කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ දින 14ක් නිරෝධායනය වී තවත් දින 14ක් නිවෙස තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

පළමු දින 14ක නිරෝධායන කාලසීමාවකින් පසු සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ඔහු ආසාදිතයෙකු නොවන බව හඳුනා ගෙන තිබුණි.

අනතුරුව එම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ නිරෝධායනට ලක්වෙමින් සිටිය දී නැවත සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ආසාදිතයෙකු බව තහවුරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස