ජාතික ලැයිස්තු හරීන් කිඹුල් කඳුලු හෙළන්නේ රංජන්ගේ මනාප ටිකට කෙළින්න….! – කාංචන…..

January 20, 2021 at 5:42 pm | by emanisa.lk

රංජන් රාමනායකට සාධාරණයක් වන තුරු කළු සාටකයක් පළඳින්නේ යැයි හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීමක් දැයි තමා නොදන්නා බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මෙවර බදුල්ලෙන් තරඟ කළේ නම් පරාජයට පත්වන නිසා ජාතික ලැයිස්තුවට රිංගූ හරීන් ප්‍රනාන්දු ඊළඟ වතාවේ ගම්පහ රංජන් රාමනායකගේ ඡන්ද ටිකෙන් ගොඩයෑමේ උත්සාහයක හරීන් ප්‍රනාන්දු නිරත වන බවට ඔහු චෝදනා කළේ ය.

තව වසර 07කට මැතිවරණයකට තරඟ කළ නොහැකි රංජන් වෙනුවෙන් හරීන් කිඹුල් කඳුළු හෙළන්නේ ඊළඟ ඡන්දයට රංජන්ගේ ඡන්දදාකයන් දිනාගැනීම සඳහා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ ජනතාව මෝඩයින්ට අන්දා කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත් කළු සාටක අඳින හරීන් ප්‍රනාන්දු ඊළඟ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසටත් එරෙහී වී පාඨලී රණවක ළඟ නතර විය හැකි බවට ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

කළු සාටකය දමාගෙන විරෝධය පළ කළ යුතුව තිබුණේ කටවුවාපිටිය සහ කොච්චිකඩේ පල්ලිවලට බෝම්බ ගැසූ දවසේ බව ද ඔහු සිහිපත් කළේ ය.

අද (20) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *