රංජන්ට දඩුවම් කළේ ඇත්ත වෙනුවෙන් කතා කළ නිසා…! ඔහුට යුක්තිය ඉටුවන තුරු මම කළු සාටකයක් දානවා…! – හරීන්

January 20, 2021 at 3:05 pm | by emanisa.lk

රංජන් රාමනායකට සාධාරණයක් වන තුරු තමා පාර්ලිමේන්තුවේ කළු සාටකයක් පළඳින බව හරීන් ප්‍රනාන්දු පවසයි.

රංජන් රාමනායක අවුරුදු හතරකට සිරගත කළේ ඇත්ත වෙනුවෙන් පාර්ලිමේන්තුව දෙවනක් කළ වරදට බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා නිහාල් නෙල්සන් කැසට් ගහන්නා සේ ගැසට් ගැසුව ද ඉන් වැඩක් නැති බව ද හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

තමන්ට ජනාධිපතිවරයා මරණ තර්ජනය කළ බවට පොලිස්පතිවරයාට යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරක් නොලැබුණු බවට ද ඔහු චෝදනා කළේ ය.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස