ජනාධිපති සමා රැල්ල හමන්නේ මොන පොල් පැලේට ද කියල අපි දන්නවා…! – හරීන්….

January 6, 2021 at 10:39 pm | by emanisa.lk

මේ රටේ ජනාධිපති සමා රැල්ලක් ආරම්භ වී ඇති බවත් මේ රැල්ල හමන්නේ කුමන පොල් පැලේ දෙසට දැයි තමන් හොඳින් දන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

පද්මිණි රණවක විනිසුරුවරිය රංජන් රාමනායක සමග කතා කළේ විශ්‍රාම ගොස් බවත් තීන්දුව ලබා දීමට පෙර කතා නොකළ බවත් ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුව බලයට පත් වූයේ ජාතිවාදය වපුරා බවත් තමන් හොඳ ජාතිකවාදියෙක් බවත් සඳහන් කළ හරීන් ප්‍රනාන්දු තමා ශ්‍රී ලාංකික රෝමානු කතෝලිකයෙකු යැයි ද පැවසී ය.

මුස්ලිම් ජාතිකයකු වීම නිසා ම ආණ්ඩුවේ ඇමැතිකමක් දරන අලි සබ්‍රිට වට කරගෙන ආණ්ඩුව ම පහර දෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ෆර්වේෂ් මහරුෆ්ට මුත්තයියා මුරලිදරන්ට ක්‍රිකට් ක්‍රීඩා කළ ද ජාතිවාදය නිසා කණ්ඩායමේ නායකයා බවට පත්වීමට නොහැකි වූ බව ද ඔහු සඳහන් කළේ ය.

අද (06) පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *