පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වා ගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්ණන් පවසයි.
ඒ අනුව, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්යාාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇතැයි සභාපතිවරයා කීය.
පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
එසේම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබා දීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම් දුන් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. ප්‍රාථමික, 6-9 සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
එසේ ම, උසස් පෙළ 12 ශ්‍රේණියට ද, සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියට ද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටත් නියමිත බව ද රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
මීට අමතරව හය ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා පැවසීය. පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත් එසේ කළහොත් මවු භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන් බවත් හෙතෙම සඳහන් කළේ ය.
අධ්‍යාපන ඇමතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබා දී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබාදී නොමැති බවත් ඔහු කීවේ ය.
ලබන ජනවාරි දෙවන සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ද මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළේ ය.