ජාතික දින සැමරුමට නැවතත් නමෝ නමෝ තායේ..!

August 16, 2022 at 6:19 pm | by emanisa.lk

ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ජාතික ගීය මීට පෙර පැවැති නිදහස් දින සැමරුම් උත්සවවල දී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දෙමළ භාෂාවලින් ගායනා කර තිබෙන බව ද ඇමතිවරයා කීය.

75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව හෙතෙම කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෑත කාලයේ පළමු වතාවට නිදහස් උළෙලේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ අතර ගෝඨාභය රාජපක්ෂ සමයේ එය නවතා දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *