ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආව පාලකයෝ නිසා ගෑස් ටැංකියෙන් ආරක්ෂා වෙන්න වෙලා…! – සජිත්…

November 27, 2021 at 9:30 pm | by emanisa.lk

රට පුරා තැන තැන ගෑස් අනතුරු සිදුවීම නිසා ජනතාව තුළ කුතුහලයක් බයක් සහ අනාරක්ෂිභාවයක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ගෑස්වල ප්‍රමිතිය වෙනස් වීම නිසා පීඩනය වෙනස් වී පිපිරී යාමේ අවධානමක් මතුව ඇතැයි විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

ගෑස් සම්බන්ධව කිසිදු අනාරක්ෂිතභාවයක් නැතැයි ද පරීක්ෂණ මගින් එය තහවුරු කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

සුරක්ෂිත රටක් නිර්මාණය කරන බව ප්‍රකාශ කළ ද මේ වන විට ගෑස් ටැංකිය පවා ආරක්ෂිත නැති බවත් මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවත් ඔහු අවධාරණය කරයි.

මේ පිළිබඳ වහා ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර රටට සත්‍ය අනාවරණය කර දෙන ලෙස ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස