ජනාධිපති කටින් බතල හිටෙව්වට හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන…! – ජවිපෙ…

October 12, 2021 at 7:45 am | by emanisa.lk

රසායනික පොහොර තහනමට ජනාධිපතිවරයා ගත් ඔලමොට්ටල තීන්දුව නිසා කෘෂිකර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ නිසා නුදුරේ දී ම ඉතා ම භයානක සාගතයකට මුහුණ දීමට රටට සිදුවනු ඇතැයි ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අනතුරු අඟවයි.

මේ වන විට ආණ්ඩුව පාලනය අත හරිමින් ඇති බවත් ගෑස් කිරිපිටි මිල ව්‍යාපාරිකයින් ද තීන්දු කරමින් ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා කෙතරම් කටින් බතල හිටෙව්ව ද හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ මෝල් හිමියන් බව ද විජිත හේරත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *