ඇමරිකාවට LNG ඒකාධිකාරය දීම භයානකයි…! ඇමරිකාව ගෑස් නතර කළොත් රට කරුවලේ…! ඒ විනාශයට අත උස්සන්න සූදානම් නෑ…! – දයාසිරි…

September 23, 2021 at 8:43 pm | by emanisa.lk

ලංකාවේ විදුලිබල ඒකාධිකාරය එක රටකට ගිය පසු ශ්‍රී ලංකාව නේපාලයේ තත්ත්වයට ඇද වැටෙන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

නේපාලයට තෙල් සැපයීමේ ඒකාධිකාරය ඉන්දියාව සතු බවත් ඉන්දියාව තෙල් සැපයුම නතර කළ විට නේපාලයට තෙල් නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ ආකාරයට ම මේ ගිවිසුම අත්සන් කළ පසු ඇමරිකාව ගෑස් ලබා දීම නතර කළහොත් ලංකාවට විදුලිය නොමැති වනු ඇතැයි දයාසිරි ජයසේකර අනතුරු අඟවයි.

එහෙයින් එම විනාශයට අත එසවීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා අවධාරණය කළේ ය.

යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම පිළිබඳ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (23) හවස හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *