මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳ ම පිටකවර නිර්මාණය සඳහා සම්මාන ලබා දී ඇත්තේ පවන් අංජන නිර්මාණය කළ පිටකවරයක් සඳහාය.
ඒ ඔහු විසින් ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කළ අතිශය අභ්‍යන්තර පරීක්ෂණයක් නම් කෘතිය සඳහා නිර්මාණය කළ පිටකවරයටය.
කෙසේ වුව ද එය Italo Calvino නම් ලේඛකයාගේ t zero නම් කෘතියේ කවරය බව මේ වන විට අනාවරණය වී ඇති අතර වහාම අදාළ සම්මානය නැවත ලබා දිය යුතු බවට සමාජ සංවාදයක් නිර්මාණය වී තිබේ.