ජවිපෙ සෙනග දැකල ගෝඨාගේ බොක්ක රත්වන දවස අදයි…! අපේ බලවේගය නවතන්න කිසිවෙකුට බෑ…! – ටිල්වින්…

March 24, 2022 at 10:15 am | by emanisa.lk

වැඩි ම ජනතා මනාපයෙන් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ වැඩි ම ජනතා මනාපයෙන් ගෙදර යැවීමට සූදානම් බව

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා ඊයේ (23) නුගේගොඩ පැවැති ජනබල රැලිය අමතමින් අවධාරණය කළේය.

“වැඩිම ජනතා මනාපයෙන් ආපු ගෝඨාභය මහත්තයා වැඩිම ජනතා මනාපයෙන් ගෙදර යැවීමට අපි කටයුතු කරමු. මේ වෙලාවේ ජනතාවට දුකක්, වේදනාවක්, කෝපයක්, කඳුළක් තියෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉටු කරන්න බැරි ආණ්ඩුවක් මේක. කතාවක් තියනවා බල්ටි නෑ විසිල් විතරයි කියලා. දැන් බල්ටිත් නෑ විසිලුත් නෑ. තෙල් පෝලිමේ දුක අපිට දැනෙනවා. මේ ගෝඨාභය මහත්තයගෙ බුද්ධි අංශය හරියට තොරතුරු වාර්තා කළොත් ගෝඨාභයගේ බොක්ක රත් වෙන දවස අද තමයි.

මේ තට්ටු මාරු දේශපාලනයට තව දුරටත් ඉඩක් නෑ. මේ අර්බුදය අස්සේ තවත් රාජපක්ෂ පුත්තු හරි කවුරු හරි තවත් ඉන්න හදනවා නම් එහෙම නැතිව ජනාධිපති ඇඳුම් මහපු මහත්වරු ඉන්නව නම් අපිට කියන්න තියෙන්නෙ සොරි තමයි. ඒ කාලෙ ඉවරයි. මේ ජනතා බලවේගය හරවන්න කිසි ජගතෙක්ට බෑ.

අපේ රැස්වීම්වලට බාධා කරන්න ඇවන්ගාඩ් එකේ කුලී හේවායෝ ටිකක් දාලා තියෙනවා. ඇවන්ගාඩ් මුදලාලි තමයි මේකෙ ප්‍රධානියා. ගෝඨාභය ඔයාගේ බුද්ධි අංශයට වඩා අපේ බුද්ධි අංශය ශක්තිමත්. අදත් අපේ රැස්වීමට බාධා කරන්න ආ කුලී හේවායෝ දීපු සල්ලි ටිකත් අරන් ආපු බස් එකේම නැඟලා ගියා. කවුරු බය වුණත් ජාතික ජන බලවේගය බය කරන්න ගෝඨාභයගේ කැණහිලුන්ට බෑ.

මේ වේදිකාවේ කවුරුත් නෑ වරප්‍රසාද බලාගෙන ආපු. රට ගැන හිතලා රට හදන්න දැනුම, ශක්තිය තියෙන අය විතරයි අපේ ජන බලවේගයේ ඉන්නේ. අපි ජනතාවට කියන්නේ තව දුරටත් මහින්දගේ රැවුලට හෝ ගෝඨාභයගේ වහසි බස්වලට හෝ රැවටෙන්න එපා. රටේ ප්‍රශ්න දන්න ඒ ප්‍රශ්නවලට ඇත්ත විසඳුම් තියෙන ජාතික ජන බලවේගය සමඟ එක්වෙමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව