තමා සතු සියලු දේපළ විකුණා හෝ මේ රටට මහා පිළිලයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙකු ඊළඟ මැතිවරණයෙන් පාර්ලිමේන්තු නොයන තැනට කටයුතු කරන බව ඇවන් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සඳහන් කරයි.
පසුගිය මැතිවරණයේ දී ජවිපෙ ඡන්ද පදනම 1.2%කට බැස්ස වීමට තමන් කටයුතු කළ බව ද ඔහු අනාවරණය කළේ ය.
තමා ISIS සංවිධානයට උදව් කර නැති බවත් සහරාන් කිසි දිනක මුණ ගැසී නැති බවත් සඳහන් කරන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමා අන්තවාදීන්ට සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව ය.
කිසිම ආකාරයකින් අන්තවාදීන් වෙනුවෙන් මුදල් ලබා දීමක් සිදු කර නොමැති බවත් තමාට ලෝකයේ ඕනෑම රටකට යන්න මේ මොහොතෙත් හැකියාව පවතින බව ද ඔහු සඳහන් කරයි.
ශානි අබේසේකර, රිෂාඩ් බදියුදීන්,අසාත්සාලි, හිස්බුල්ලා යන අයගේ නම් මේ කොමිසමේ නැත්තේ කුමන්ත්‍රණයකින් එය ඉවත් කළ නිසා බව ද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළකළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.