බදියුදීන්ගේ ගුණ වයන්න මට කිසිම අවශ්‍යතාවක් නෑ! මගේ කතාව මාධ්‍ය ආයතනයක් විකෘති කරලා ප්‍රචාරය කළා! – ආරක්ෂක ලේකම්

October 5, 2020 at 6:15 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වැයීමක් තමා නොකළ බවත් එවැනි ගුණ ගැයීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

අද (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා (01) වව්නියාවේ දී පැවති උත්සවයක දී තමා කළ කථාවේ එහි මූලික හරය විකෘති වන පරිදි විකෘති කර මැදින් කෑලි ඉවත් කර සංස්කරණය කර ප්‍රචාරය කිරීමට එක්තරා නාළිකාවක් කටයුතු කර ඇති බව ද කමල් ගුණරත්න අනාවරණය කළේය.

කෙසේ වුවද අවතැන් වූවන් පදිංචි කිරීමට එවක වව්නියාවේ දිසාපතිනිය වූ වූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය තමන්ට මහත් සේ උදව් කළ බවත් ඈ පිළිබඳ නම් තමන් ගුණ වර්ණනා කළ බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස