ජවිපෙත් ගත් ණය ගෙවමින් රනිල් ආර්ථිකය ගොඩනඟනවා…! – වජිර…

April 22, 2024 at 4:54 pm | by emanisa.lk

රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පවසයි.

ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බව ද අබෙිවර්ධන මහතා කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහන ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *