ඊයේ (13) පැවති ලංකා ප්රිමියර් ලීග් අර්ධ අවසන් වටයේ තරඟයෙන් කලම්බු කින්ග්ස් කණ්ඩායම පරදා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පන්දු වාරයේ දී කඩුලු දෙකක ජයග්රහණයක් වාර්තා කළේ ය.
මුලින් ම පන්දුවට පහර දුන් කලම්බු කින්ග්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 150ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දු වාර 19.5ක් ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 151ක් ලබමින් තරඟයේ ජයග්රහණය වාර්තා කළේ ය.
පිත්තෙන් ලකුණු 31ක් සහ පන්දු යවමින් තීරණාත්මක කඩුලු 02ක් දවා ගත් 22 හැවිරිදි ධනංජය ලක්ෂාන් තරඟයේ වීරයා විය.