ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා! – ශ්‍රේෂ්ඨාධිකරණෙට පෙත්සමක්….

August 17, 2020 at 6:05 pm | by emanisa.lk

ආරක්ෂක අමාත්‍ය ධූරය සහ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය  ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා අද (17) නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද නීතිඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 30 සහ 105.(4) ව්‍යවස්ථාවන් අනූව ශ්‍රී ලංකාව බුද්ධාගම සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි බව පෙත්සම්කරු පවසයි.

මේ වන විට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ තබා ගෙන ඇති මුත් බුද්ධශාසන අමාත්‍යාංශය ලබා නොගැනීම මත ඒ තුලින් ආණ්ඩුව ව්‍යවස්ථාවේ සදහන් 9,10 සහ 12.1 ව්‍යවස්ථාවන් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස