ජනාධිපති මන්දිරෙන් මට ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් එව්වා…! මං බෑ කිව්වා…! – සජිත්..

September 29, 2023 at 5:47 pm | by emanisa.lk

තමන්ට රාජපක්ෂ පරපුරේ පිහිටින් අවශ්‍ය නම් රටේ අගමැති නොව ජනාධිපති වීමට අවස්ථාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපති මන්දිරයට කෙළින්ම යාමට තමන්ට ගුවන් යානයක් ද වෙන් කොට තිබූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ එලෙස තනතුරු ප්‍රතික්ෂේප කළ තමන් රනිල් වික්‍රමසිංහ සමග අගමැති ධූරය සඳහා ඩීල් දමනවා යැයි පැවසීම විහිළුවක් බවයි.

රටේ වගකීමක් භාරගත යුත්තේ ජනතා ආශීර්වාදය සහිත ජන වරමකින් බවයි, සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

රන්මිණිතැන්න පාසලේ පැවැති උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *