ජනාධිපති බලතල කපාගෙන මං කළේ මොඩකමක්! – මෛත්‍රීට තම හපන්කම් එපා වෙයි…

December 22, 2020 at 3:54 pm | by emanisa.lk

මැකියාවේලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලන විට අසීමිත බලහරණය අනුවණකමක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමන් ජනාධිපති ධුරයට පත්වූ වසරේ දී ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ධුරයට හිමි වී තිබූ සුවිශේෂී බලතල අත්හැරි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ ය.

‘ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්!’පිළිබඳව සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) එම කරුණු සඳහන් කළේ ය. ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සමුළුවේ ප්‍රමුඛ දේශනය කළේ ය.

සිය දීර්ඝ දේශපාලන දිවියේ දී බුද්ධාගමටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු වටිනාකම් වූ සාමය, සමානාත්මතාව, ප්‍රකාශන නිදහස, යුක්තිය ආදිය දිනා ගැනීමට සමත් වූයේ යැයි ද හෙතෙම කීය.

උපරිමාධිකරණවලටල මානව අයිතිවාසිකම්, රාජ්‍ය සේවා, මැතිවරණ හා පොලිස් ආදී කොමිසම්වලට පත්වීම් නිර්දේශපාලනිකව කළ බව ද ඔහු එහි දී කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස