ජනාධිපතිවරණය මාලිමාව දිනනවා..! අනුරට දැනටමත් 50%ක් තියෙනවා…!

January 15, 2024 at 6:19 pm | by emanisa.lk

මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී ඇතැයි, එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

එකී මහජන කැමත්තේ අගය පසුගිය නොවැමබර් මාසය වන විට සීයට පනහක පමණ තිබු බව ඔහු බව පැවසුවේ ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයක් අමතමිනි.

දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වැටී තිබෙන දුෂ්කර තත්ත්වයෙන් රට ගොඩගත නොහැකි බව සඳහන්කළ බිමල් රත්නායක මහජන විස්වාසය ගිලිහීමෙන් රටේ අනෙකුත් දේශපාලන බලවේග මේ වන විට බරපතළ පිරිහී තිබෙන බවද සඳහන් කළේය.

තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි මේ වන විට රටේ ජනතාව තබා තිබෙන විශ්වාසය කිසිම අයුරකින් පළුදු නොකරන බවට සහතික කළ බිමල් රත්නායක, වැඩි දුරටත් පැවසූවේ ජාතික ජන බලවේගයට ජනතා විරෝධී කඳවුරු නියෝජනය කරන කිසිවකු සමග ඩීල් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *