ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුරත් පිළිගත්තා…!

May 9, 2024 at 2:37 pm | by emanisa.lk

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම අදහස් පළ කළේය.

”ජනාධිපතිතුමා මේ රට වැල් පාලමේ ගමනක් යනවා. දැන් ඒක අමාරුවෙන් එතෙර වෙන මොහොතක ඉන්නේ කියපු කතාව අනුර කුමාර දිසානායක රූපවාහිනි සංවාදයකදී ඒ විදිහටම කියනවා අපි දකිනවා.

ඔහු සූදානම් කියනවා, වැල් පාලමේ මැද්ද ඉඳන් ඉතිරි ටික යන්න. ඒකෙන් අර්ථවත් වෙන්නේ ඔහු මේ ජනාධිපතිතුමා යන ගමනට සහාය දක්වමින් ඉදිරියට යන්න කැමතියි කියන කාරණය කියන එක අපිට හොඳට වැටහෙනවා.

ඒ වගේම එතුමා තාක්ෂණය ගැන ලෝක ආර්ථිකය ගැන දාර්ශනිකයෙක් වගේ මත ප්‍රකාශ කරනවා අපි දැක්කා. නමුත් එතුමාට කියලා දෙන්න ගොඩක් තියනවයි කියන එක මේ සාකච්ඡාවත් එක්ක අපිට තේරුම් ගියා.

ඒ නිසා එතුමට නොතේරෙන වැරදි මතයක් හදන මේ දේ පිළිබඳව එතුමාට පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා මට හිතුණා. ඔබට මතක ඇති අපි ඉස්සර පාවිච්චි කළේ මෝටර් රෝලා එරික්සන් සහ නොකියා කියන ජංගම දුරකතන වර්ග විතරයි.

කොරියාවේ සමාගම් හිතුවා නම් මෝටර්රෝලා නොකියා සමාගම් ජංගම දුරකථන ඉවරයි, අපිට නැවත හදන්න දෙයක් නැහැ කියලා, මේ නිෂ්පාදන බිහිවෙන්නේ නැහැ. නවීන තාක්ෂණයත් එක්ක අලුත් දේවල් බිහිවෙන්නෙ නෑ කියලා හිතුවා නම් මේ වගේ දුරකථන සමාගම් නැවත බිහිවෙන්නේ නැහැ.

අපි දන්නේ toyota, නිසාන් mazda කියන වාහන පමණයි. අපි හොන්ඩ කියන වාහනයක් දැනගෙන හිටියේ නැහැ. ලෝකෙ අලුත් දැනුමත් එක්ක වෙනස් වෙනවා. ඒ විදිහට තමයි ලෝකයේ ඉදිරියට යන්නේ කියන එක අනුර කුමාර දිසානායක තේරුම් ගත යුතුව තිබෙනවා.

ඔහු කියන්න උත්සාහ කරන්නේ දැන් මෙවැනි දේවල් උත්සාහ කරලා වැඩක් නැහැ කියලා. නමුත් ඔහුට කියන්න කැමතියි තව දුරටත් ලෝකයේ ස්මාර්ට් ෆෝන් එකක අවශ්‍යතාව අලුතෙන් නිෂ්පාදනය කිරීම පවතිනවයි කියන එක. ඒ වගේම කෘතිම බුද්ධිය තුළින් එවැනි නිෂ්පාදන බිහිවෙන්නට පුළුවන්.

ඒක ලංකාවේ කවුරුන් විසින් හෝ කරන්නටත් පුළුවන්. ඒකට තමයි ලෝකයේ අලුත් වෙනවා කියලා කියන්නේ. ඔහුට අනුව ඒවා කරලා වැඩක් නෑ කියලා බොළඳ තර්ක ඉදිරිපත් කරනවා.

අනුර කුමාර එහෙම කියද්දී ලාල්කාන්ත කියනවා අධිකරණ බලයත් ගමේ මිනිස්සුන් අතට පත් කරනවායි කියලා. අපිට මතකයි 88/89 කාලයේ සිද්ධ වුණේ මොකක්ද කියලා. ඒ වගේම නලින් හේවගේ රූපවාහිනී වැඩසටහනකදි පිළිගත්තා ඒ කාලයේ මිනිස්සු ඝාතනය කළා. ඝාතනය කළේ කසිප්තුකාරයෝ ස්ත්‍රී දූෂකයෝයි කියලා.

තමන් විසින් ඝාතන සිදුකළ බවත් ඔවුන් පිළි අරගෙන තිබෙනවා. ඒ වගේ දෙයක් කරන්න හදනවයි කියන එකේ තේරුම පැහැදිලි කරගත යුතු වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඝාතනය කළේ ඔවුන් කියන එක හැමෝම දන්නවා. එතකොට එතුමා ස්ත්‍රී දූෂකයෙක් මංකොල්ලකාරයෙක් කසිප්පු කාරයෙක් කියලද ඔවුන් කියන්නේ.

ඒ කාලේ ගමේ අධිකරණය ඔවුන් අතේ තමයි තිබුණේ. තුන්ඩුවකින් තමයි වැඩේ කලේ. තුණ්ඩුව යවපු ගමන් ඒ කියන විදිහට ඉන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මරණය හිමි වෙනවා. මියගිය ගෙනාවත් දණිස්සෙන් පහළට ඔසවන්නට බෑ. එහෙම තමයි ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කළේ.

ඒ වගේම තමයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී හයිවේ එක හදද්දී කිව්වා මාතර අයට මාළු ඇඹුල්තියල් අරන් එන්න තමයි මේ මාර්ගය හදන්න කියලා. ඒ තරම් මාතර මිනිස්සුන්ව පහළට ඇදලා දැම්මා.

අධිවේගී මාර්ගය හැදුවාම ඔවුන් හිතුවේ එහා ගමට යන්න බෑ මේ ගම් ටික බෙදෙනවා කියලා. ඒ වගේ දැනුමක් තමයි ඔවුන්ට ඒ සම්බන්ධව තිබුණේ. පෝට් සිටි එක හදද්දිත් කිව්වා සීගිරියත් කඩලා ඒත් කළුගල් තවත් මදි වෙයි කියලා. වඩා නිර්මාණශීලීව බොරුවක් ගොතල සමාජගත කරන්න පුළුවන් එකම දක්ෂයා අනුර කුමාර දිසානායකයි කියන එක හොඳටම පේන්නට තිබෙනවා.

ඒ වගේම ඔවුන්ට වැරැද්දක් වුණොත් එය නිවැරදි කරගන්නට පුළුවන් එක වැරදුනයි කියලා කියනවා අනිත් අය දෙයක් කිව්වොත් එහෙම වරදින්න බැහැ කියලා මතය තමයි ඉන්නේ. කෙසේ තවත් අවසාන වශයෙන් මේ වැල් පාලමේ ගමන නිම කරන්නට පුළුවන් වර්තමාන ජනාධිපතිවරයාට කියන එක ඔවුන් පිළිගන්න බව පේනවා.

ඒ වගේම මෝටර් රෝලා නොකියා තියෙද්දි ඇපල් සැම්සුන් බිහිවුණා වගේ අලුත් ජංගම දුරකථන හොයාගන්නට අපේ දරුවන්ට නවීන තාක්ෂණය අපි ඉගැන්විය යුතුව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *