ජනවාරි අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි…!

February 24, 2022 at 10:17 pm | by emanisa.lk

2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි වීී තිබේ.

එය 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩි වීමකි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් පැවසුවේ, 2022 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර‍ සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත්ය.‍

එසේම මෙම ප්‍රවණතාව නොකඩවා පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර වසර අවසානයේ දී සැලකියයුතු ප්‍රගතියක් දැකගත හැකි වනු ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු අපනයනකරුවන්ට සිය ප්‍ර‍ණාමය එක් කළ අතර අනාගතයේ දී අගය එකතු කිරීම හරහා මෙරට අපනයනවලට වැඩි වටිනාකමක් එක් කිරීම ද, සුවිශේෂී වෙළඳපොලවල් වෙත අවධානය යොමු කිරීම සහ නිෂ්පාදන පැස මෙන්ම වෙළඳපල විවිධාංගීකරණය කිරීම අවශ්‍ය බව ද වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය  ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධානතම වෙළඳපොළවල් ලෙස පෙන්වන ප්‍ර‍ගතිය අගය කරන අතර ම ආසියානු කලාපය තුල  සිය වෙළඳපළ වඩා පුළුල් කළ යුතු යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස