ජනපති රනිල් පොහොට්ටුවට සැලුන් දොර හරී..!

October 29, 2022 at 7:13 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙළක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙසත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ උපදෙස් දෙනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්ගෙ හභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *