ජනපති රනිල්ගේ නිවස ගිනි තිබ්බේ සජිත්ගේ සහෝදරී දුලාංජලී…! – මනූෂ…

July 29, 2022 at 7:41 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීම සඳහා එතැනට ගොස් සෙනඟ කැඳවූයේ තමා නියෝජනය කරන පක්ෂයේ නායකයාගේ සහෝදරිය බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

එ් සඳහා එතැනට පැමිණි එම පක්ෂයේ වත්තල සංවිධායකගේ පුතා වන විටත් රටෙන් පැන ගොස් ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පසුගියදා (27) හදිසි නීතිය පිළිබඳ විවාදයට එකතු වෙමින් මනූෂ නානායක්කාර මේ බව අනාවරණය කළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මනූෂ නානායක්කාර පසුගියදා ආණ්ඩුවට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *