ජනපති රනිල්ගේ නිවස ගිනි තැබූ ජවිපෙ පුත්‍රයා සොයා විමර්ශන…!

July 21, 2022 at 2:00 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනිතැබීමට සම්බන්ධ වූ ජවිපෙ ක්‍රියාකාරි සාමාජිකයෙකුගේ පුත්‍රයෙක් ගැන විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයා අංක 123/2, තුන්හිටිපිටිය, ලබුදූව යන ලිපිනයේ පදිංචි ඩී.එල්. මිලාන් නැමැත්තෙකි.

ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට පසුගියදා ගිනිතැබූ සිද්ධියට මෙම පුද්ගලයාගේ පුත්‍රයා වන 21 හැවිරිදි ඩී.එල්.ඩී ලියනගේ නැමැත්තා සෘජුව ම සම්බන්ධ බව තහවුරු වී තිබේ.

ඔහු ජර්මන් ටෙක් ආයතනයේ සේවය කරන අයෙකු වන අතර මේ වන විට අදාළ සිදුවීම පිළිබඳ ලද ප්‍රබල සාක්ෂි ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ. මේ ගිනි තැබීමට සම්බන්ධ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පුත්‍රයකු වන සජබ ආසන සංවිධායකවරයෙකු රටින් පැන ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *