හිරුණිකා අගමැති රනිල්ගේ නිවස වටලයි..! පාර වසා විරෝධතාවක්…!

June 22, 2022 at 11:30 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ, තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම පිරිස තර්ස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බව වාර්තා වෙයි.

මේ නිසා කොළඹ, මල් පාරේ 5 වැනි පටුමගෙහි පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

කෙසේ වුව ද අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවට ගොස් එහි කටයුතු කරමින් ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *