ජනපති පොහොට්ටුවේ…අපි ජනාධිපතිගේ…! – ප්‍රසන්න රණතුංග….

March 20, 2024 at 5:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නිසි වේලාවේ දී නිවැරදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම නිවැරදි තීන්දුව ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට අද (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්ක. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.

අපේ ජනාධිපති අපේක්ෂකා පක්ෂය විසින් ඉදිරියේ දී තීන්දු කරනවා. ඒ ගැන වැඩි විස්තර පක්ෂය තීන්දුව ගත්තා ම දැන ගන්න පුළුවන් වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *